දේශීය

පතොරම් තොගයක් සමග තුනක් අත්අඩංගුවට

පතොරම් සන්තකයේ තබාගැනීම හා ප්‍රවාහනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ(30) දහවල් කාලයේ ත්‍රීරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට පාර්සලයක් ලබාදෙන අවස්ථාවේ එ් සම්බන්ධව ඇති වූ සැකය මත අලවතුගොඩ පොලිස් වසමේ අකුරණ නගරයේ අපරාධ නිවාරණ රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් අදාළ පාර්සලය පරීක්ෂාකර ඇත.

 

එහිදී එම පාර්සලය තුළ SG වර්ගයේ සජීව පතොරොම් 07ක්, T 56 වර්ගයේ සජීව පතොරොම් 03ක් සහ හිස් කොපු 05ක්, 84 වර්ගයේ සජීව පතොරොම් 01ක් තිබී හමුව ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 39,45 සහ 48 වයස්වල පසුවන අකුරණ, රම්බොඩ සහ අටබාගේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

 

ත්‍රීරෝද රථයකින් පැමිණි සැකකරුවන් දෙදෙනා ආරක්ෂ අංශ සෙබළුන් බව පොලීසීය සඳහන් කරයි.

 

සැකකරුවන් අද (31) මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර අලවතුගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Related posts

තවත් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

මන්ත්‍රී ලියුම් ගැන නාමල් රාජපක්ෂගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment