දේශීය

පිළිකාව මර්දනයට එන්නතක්

පිළිකා රෝගීන් සඳහා ලොව පළමු වරට එන්නතක් හඳුන්වාදීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) සූදානම් වෙයි.

 

එමඟින් ප්‍රතිකාර කාලසීමාව 75%කින් පමණ අඩුකර ගත හැකි වෙතැයි පර්යේෂකයෝ පවසති.

 

එරට ඖෂධ නියාමන අධිකාරිය ඊට අනුමැතිය ලබාදී ඇති අතර මේ වනවිට ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා “atezolizumab” ප්‍රතිශක්ති චිකිත්සාව ලබාගන්නා පිළිකා රෝගීන්ට මෙම නව එන්නත ලබාදීමට නියමිතය.

 

එහිදී අදාළ ඖෂධය එන්නතක් ලෙස ලබාදීමට නියමිත අතර එමඟින් රෝගියෙක් වෙනුවෙන් වෛද්‍ය කණ්ඩායම් වෙන්කරනු ලබන කාලයද සැලකිය යුතු ලෙස අඩුවෙතැයි සඳහන් ය.

 

එංගලන්ත ජාතික සෞඛ්‍ය සේවය පැවසුවේ සාමාන්‍යයෙන් “atezolizumab” පිළිකා රෝගීන්ගේ නහරයකට කෙළින්ම ලබාදෙන බවත් සමහර අවස්ථාවල නහරයක් සොයාගැනීම අපහසු වුවහොත් එම ඖෂධය ලබාදීම සඳහා විනාඩි 30ත් පැයත් අතර කාලයක් ගතවන බවත් ය.

 

මෙම එන්නත නිපදවූ Roche සමාගමේ නිලධාරියෙක් පැවසුවේ නව ක්‍රමවේදය යටතේ ඖෂධය ලබාදීමට ගතවන්නේ විනාඩි 7ක් පමණක් බවය.

 

වාර්ෂිකව “atezolizumab” ප්‍රතිකාරය සඳහා යොමුකෙරෙන පිළිකා රෝගීන් 3,600ක් පමණ දෙනා අතුරින් බහුතරයකට අදාළ එන්නත සඳහා යොමුවීමට හැකිවෙතැයි එංගලන්ත සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කළේය.

Related posts

ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සහයෝගයක්

Mohamed Dilsad

ඉන්දිය රජයේ නියෝජිතයින් සිව් දෙනෙකු දිවයිනට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය වැඩපිළිවෙල ඉන්දීය රජයේ ඇගයීමට

Mohamed Dilsad

Leave a Comment