දේශීය

සැමියාගේ කේන්තිය – බිරිඳට වායු රයිෆලයෙන් වෙඩි

පල්ලම රඹතලාවත්ත, ආඬිගම ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳට වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ.

 

පොලීසිය පැවසුවේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම ඊයේ (13) සිදුකර ඇති බවය.

 

තුවාල ලැබු කාන්තාව මේ වන විට නිකවැරටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පැවසීය.

 

මෙලෙස තුවාල ලබා ඇත්තේ 51 හැවිරිදි රඹතලාවත්ත ආඬිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

 

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

 

Related posts

13 වන සංශෝධනයේ ඇතැම් ක්‍රියා පටිපාටි ප්‍රායෝගික නොමැත – ජනපති

Mohamed Dilsad

බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් කොරෝනා ව්‍යාප්ත වීම ගැන වාර්තාවක් දෙන්නැයි නියෝග

Mohamed Dilsad

වවුනියාව සහ මන්නාරම ප්‍රදේශයේ LTTE සැමරුම් තහනම් කරමින් අධිකරණ නියෝගයක්

Mohamed Dilsad

Leave a Comment