දේශීය

119 පොලිස් හදිසි ඇමතුම් දුරකථන අංකය හරහා අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන පුද්ගලයින් හට දැඩි දඬුවම්වලට මුහුණදීමට සිදුවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

අදාළ නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස අසත්‍ය සහ සාවද්‍ය තොරතුරු සපයන අයෙකුට මාස හයක් දක්වා කාලයක් බන්ධනාගාරගත කිරීමක් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකම හිමිවිය හැකි බවය.

 

පැය 24 පුරා ක්‍රියාත්මකවන 119 පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත දෛනිකව පණිවිඩ 3000 ත් 3500ත් අතර ප්‍රමාණයක් ලැබෙන බවද පොලීසිය පවසයි.

 

මෙම පණිවිඩ නිරීක්ෂණය කිරීමේදී එම අංකය අවභාවිත කර මහජනතාව අසත්‍ය තොරතුරු ලබාදීම් නිරීක්ෂණය වී ඇති බවද පොලීසිය පවසයි.

 

මේ හේතුවෙන් වැදගත් මෙන්ම කඩිනමින් ක්‍රියාත්මක වියයුතු දුරකථන පණිවිඩ සඳහා ක්‍රියාත්මක වීමේදී බාධා හා ප්‍රමාදයන් සැළකිල්ලට ගනිමින් පොලීසිය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

Related posts

ලංකාවේ සමස්ත ආසාදිතයන් 991 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

පහේ ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවයි.

Editor O

ඉදිරි සති දෙක තුළදී වැලි සඳහා නිශ්චිත මිලක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment