දේශීය

අක්ෂි සැත්කම්වලින් පසු ලබාදුන් ඖෂධ සංකූලතා සෙවීමේ කමිටුව පරීක්ෂණ අරඹයි

අක්ෂි සැත්කම් සිදුකිරීමෙන් පසු භාවිතා කළ ඖෂධයකින් සංකූලතා ඇති වුවේ යැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් වාර්ථාවක් නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ රත්නායක මහතා පවසයි.

 

ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන කමිටුව නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

 

“පසුගිය දා ශල්‍යකර්මයට භාජනය වූ ඇස් රෝගීන් පිරිසකගේ පෙනීම දුර්වලවීමක් සහ පෙනීම නැතිවීමක් වාර්තා වුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදුන්න ඖෂධයක් සම්බන්ධයෙන් මේ ගැටලුව පැන නැගුණා. ඒ අනුව සෞඛ්‍ය ලේකම්තුමා මේ සඳහා 10 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත්කරලා තියෙනවා. ඒ කමිටුවේ කාර්ය තමා ලංකාවේ මෙම බෙහෙත පාවිච්චි කරපු රෝහල්වල සංකූලතා ඇතිවුණ තත්ත්වය සම්පූර්ණයෙන්ම විශ්ලේෂණය කරලා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සෞඛ්‍ය ලේකම්තුමාට භාරදීම. අපි මේ වෙනවිට සම්පූර්ණ කටයුතු සම්බන්ධයෙන් ලබාදීලා තියෙන ඖෂධය සම්බන්ධයෙන් ඒ වගේම ඖෂධය ගෙන්නපු ආයතනය සම්බන්ධයෙන්, ඖෂධය පාවිච්චි කරපු ආයතන සම්බන්ධයෙන් සහ ඖෂධ පාවිච්චි කරපු රෝගීන් ගැන සම්පූර්ණ වාර්තාවක් ලබාගෙන තියෙනවා.”

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එස්.කේ රත්නායක මහතා පැවසුවේ මෙම පරීක්ෂණයෙන් අනතුරුව සකසන ලද වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට භාරදීමට නියමිත බවය.

 

“ලබාගත් තොරතුරු මත සියලුම දත්ත වාර්තා විශ්ලේෂණය කරලා සම්පූර්ණ වාර්තාවක් සෞඛ්‍ය ලේකම්වරයාට භාරදුන්නාට පසුව අමාත්‍යාංශය තීරණය කරයි ඉදිරි ක්‍රියාමාර්ග මොනවා ද කියන එක.”

Related posts

රුපියලේ අගය වෙනස්වෙයි

Mohamed Dilsad

ඉහළ යන කොවිඩ් අවධානම

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment