දේශීය

ඉහළ යන කොවිඩ් අවධානම

(UTV | කොළඹ) – නැවත වරක් ඉහළ යමින් පවතින කොවිඩ් අවධානම පාලනය කර ගැනීම සඳහා කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටු සක්‍රීය කරන්නැයි රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය රජයට දැනුම් දෙනවා.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ පවතින ආර්ථික අර්බුද මැද කොවිඩ් තත්වයද වැඩිවීමක් පෙන්නුම් කලහොත් එය දරාගත හැකි තත්වයක් නොවනු ඇති බවයි.

සුදුසුකම් ලත් වැඩිහිටි ජනතාව හැකි ඉක්මණින් දෙවන බූස්ටර් මාත්‍රාව ගැනීමේ අවශ්‍යතාවයද ඔහු අවධාරණය කලා.

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේ රටට ගෙන්වා ඇති එන්නත් විශාල ප්‍රමාණයක් භාවිත නොකිරීම හමුවේ කල් ඉකුත්ව භාවිතයෙන් ඉවත දැමීමේ අවධානමක්ද මතුව ඇති බවයි.

Related posts

සීතාවකපුර නගර සභා බලය සමගි ජන බලවේගයට

Editor O

ඩොලර් බැඳුම්කර විකුණා ණය ගන්න කැබිනට් අනුමැතිය

Editor O

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment