දේශීය

තවදුරටත් මුදල් ලබාදිය නොහැකියි – ශෙහාන් සේමසිංහ

රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා මහා භාණ්ඩාගාරයට තවදුරටත් මුදල් ලබාදිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මුදල් අමාත්‍යංශයේ විශේෂ කණ්ඩායමක් ඊට අදාළ කරුණු සොයා බලමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

 

අනුරාධපුර ප්‍රදේශයේ අද (22) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා එම අදහස් දැක්වීය.

 

“රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කරනවා කියන කාරණය අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ අනුව කැබිනට් මණ්ඩලය එම ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අනුමැතිය ලබාදීම සිදුකරලා තියෙනවා. මුදල් අමාත්‍යාංශය යටතේ ඒ සඳහා වෙනම ඒකකයක් පිහිටුවලා ඒ ඒකකයේ නිලධාරීන් මේ වෙනකොට ප්‍රතිව්‍යුහගතකරණයේ සුදුසුම ක්‍රමවේදය පිළිබඳ අධ්‍යනය කරනවා සහ සාකච්ඡා කරනවා අනෙකුත් රාජ්‍ය ආයතන සමග.”

 

“ඉතින් අපි රටක් හැටියට ඉදිරියට යනවානම් අපිට තවදුරටත් රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්නට මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබාදීමක් සිදුකරන්න බැහැ. දෙවන කාරණය තමයි අනාගතයේ ඇතිවන අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන්ට ඔරොත්තු දෙන්න පුළුවන් රාජ්‍ය ව්‍යාපාර වෙනස් විය යුතුයි. ඒ අනුව අපි රාජ්‍ය ව්‍යාපාර ක්‍රම කිහිපයකට ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන්න අදහස් කරගෙන ඉන්නවා. ඒ හැම ප්‍රතිව්‍යුහගතකරණයක් පිළිබඳවම පාර්ලිමේන්තුව දැනුවත් කරනවා.”

 

 

Related posts

කොළඹ – පුත්තලම මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන්ට දැනුම් දීමක්

Mohamed Dilsad

තවත් සැක කටයුතු මරණයක්

Mohamed Dilsad

නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ පත්කරයි

Mohamed Dilsad

Leave a Comment