දේශීය

IMF වැඩසටහනේ ප්‍රගතිය කෙසේද ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ඉටුකිරීමේ කාලය යම් පසුබෑමකට ලක්වීම හේතුවෙන් සැප්තැම්බර් මාසයේදී යළි රට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවනු ඇති බව වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ මැයි මාසය තුළ මූල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රකෘතිමත් කිරිමේ එකඟතා සියයට 39ක් ඉටුකළ යුතු වුවද රජය ඉටුකර ඇත්තේ සියයට 10ක ප්‍රමාණයක් බවය.

 

ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය කොළඹදී පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා මෙම අදහස් පළ කළේය.

 

කෙසේවෙතත් පවතින ආර්ථික අර්බුදය තුළ මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අමෙරිකානු ඩොලර් මිලියන 211ක ආයෝජන ස්ථිර වශයෙන් ලැබී ඇති බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.

Related posts

දුරකථන ජාවාරමක්

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කර පිටව ගිය අය 10,000 ඉක්මවයි

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශය ගුරු සමීක්ෂණයක් අරඹයි

Mohamed Dilsad

Leave a Comment