දේශීය

ආනයනික බිත්තර හොර පාරෙන් වෙළෙඳපොළට ?

ආනයනික බිත්තර මුද්‍රා ඉවත් කර වෙළෙඳපොලේ අලෙවි කිරීම සම්බන්ධයෙන් සිය සංස්ථාවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ තම සංස්ථාව මගින් කිසිදු අවස්ථාවක ආනයනික බිත්තර වෙළෙඳපොළට නිකුත් කර නොමැති අතර කිසියම් පාර්ශ්වයක් විසින් මෙය සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් දැනුවත්වී නොමැති බවය.

 

අනායනික බිත්තර හෝටල් සහ බේකරි සඳහා පමණක් ලබාදී ඇති බවද ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

 

කෙසේ වෙතත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී ආනයනික බිත්තර වෙළෙඳපොලේ අලෙවි වන බවට අනාවරණය කළේය.

Related posts

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලැබුණ තැන

Editor O

බස් ගාස්තු ජූලි 1දා සිට සියයට 5%කින් පහළට

Editor O

එක් දිනකදී රැගෙන ආ වැඩිම කොවිඩ් එන්නත තොගය දිවයිනට

Mohamed Dilsad

Leave a Comment