දේශීය

ආනයනික බිත්තර හොර පාරෙන් වෙළෙඳපොළට ?

ආනයනික බිත්තර මුද්‍රා ඉවත් කර වෙළෙඳපොලේ අලෙවි කිරීම සම්බන්ධයෙන් සිය සංස්ථාවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

 

එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ තම සංස්ථාව මගින් කිසිදු අවස්ථාවක ආනයනික බිත්තර වෙළෙඳපොළට නිකුත් කර නොමැති අතර කිසියම් පාර්ශ්වයක් විසින් මෙය සිදුකරන්නේ ද යන්න සම්බන්ධයෙන් දැනුවත්වී නොමැති බවය.

 

අනායනික බිත්තර හෝටල් සහ බේකරි සඳහා පමණක් ලබාදී ඇති බවද ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේය.

 

කෙසේ වෙතත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (11) පැවති මාධ්‍ය හමුවකදී ආනයනික බිත්තර වෙළෙඳපොලේ අලෙවි වන බවට අනාවරණය කළේය.

Related posts

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් දිවයිනට

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

Mohamed Dilsad

ණය ප්‍රශස්තකරණයට ප්‍රංශයේ සහාය

Mohamed Dilsad

Leave a Comment