Trending Newsප්‍රමුඛ පුවත 1

කණ්ණාඩියක් බදු ග්‍රහලෝකයක්

අභ්‍යාවකාශයේ කැඩපතක් ලෙස හැඳින්විය හැකි ඉතා දීප්තිමත් ග්‍රහලෝකයක් සොයාගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්වී තිබේ.

 

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 264ක් පමණ ඈතින් ක්ෂීර පථයේ පිහිටි, නෙප්චුන් ග්‍රහලෝකය තරම් විශාල පැය 19කට වරක් තම සුර්යයා වටා පරිභ්‍රමණය වන මෙම ග්‍රහලෝකයේ විශේෂත්වය වන්නේ, ඒ මත පතිතවන හිරු රැස්වලින් 80%ක්ම පරාවර්ථනය කිරීම.

 

දැනට අප දන්නා රාත්‍රී අහසේ දීප්තිමත්ම ග්‍රහලෝකය වන සිකුරු එලෙස සුර්යාලෝකයෙන් 75%ක් පරාවර්ථනය කරන අතර අපේ පෘථිවිය එලෙස පරාවර්ථනය කරන්නේ ඒ මත පතිතවන හිරු එළියෙන් 30%ක් පමණය.

 

මෙම නව ග්‍රහලෝකය විශාල වශයෙන් ආලෝකය පරාවර්ථනය කිරීමට හේතු වී ඇත්තේ එයවටා ඇති ටයිටේනියම් සහ සිලිකේටවලින් තැනුනු ලෝහමය වලාවන් නිසා බව විද්‍යාඥයන්ගේ මතය වී ඇත.

Related posts

HSBC settles bondholders’ claims of Libor manipulation

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු යුද හමුදාපතිවරයා හමුවීමට සුදානම්

Mohamed Dilsad

මැතිවරණ කොට්ඨාස සංඛ්‍යාව 4500 අඩු වෙයි

Mohamed Dilsad

Leave a Comment