දේශීය

අතුරුදන් වූ නිල ලාංඡන සොයාගන්න සහාය වෙන්න -ජනාධිපති ලේකම්

ජනාධිපති මන්දිරයෙන් අතුරුදන් වී ඇති නිල ලාංඡනය සොයාගැනීමට සහාය වන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඉල්ලීමක් කර තිබේ.

 

ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකමකින් යුතු ශ්‍රී ලංකාවේ හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන යම් පුද්ගලයෙකු සතුව පවතින්නේ නම් එය ජූලි 31 වනදා ට පෙර ජනාධිපති කාර්යාලය වෙත භාරදෙන ලෙසය.

 

2022.07.09 වන දින සිට 2022.07.14 දින දක්වා විරෝධතාකරුවන් විසින් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, එහි රැඳී සිටි කාලසීමාව තුළ දී, ජනාධිපති මන්දිරය තුළ පැවති කෞතුක හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ රැසක් අතුරුදන් වී ඇති අතර, හිටපු ආණ්ඩුකාරවරුන්ට හා හිටපු ජනාධිපතිවරුන්ට අයත් නිල ලාංඡන ගණනාවක් ඒ අතර වේ.

 

නීති විරෝධී ලෙස රාජ්‍ය දේපළ තමා සතුව තබාගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බැවින් අදාළ කාලසීමාවෙන් පසු එම නිල ලාංඡනය යම් පුද්ගලයෙකු හෝ ආයතනයක් සන්කතයේ තබාගතහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වැඩිදුරටත් දැනුම්දී ඇත.

 

ඒ අනුව ඒ පිළිබඳ යම් තොරතුරක් වෙතොත් 0772 354 354 යන දුරකථන අංකය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත කරන ලෙස ද ඉල්ලා සිටින ජනාධිපති ලේකම්වරයා ජාතික වැදගත්කමකින් යුතු මෙම නිල ලාංඡන සොයාගැනීමට ජනාතාව දක්වන සහාය ඉතා අගය කරන බව ද දැනුම්දෙයි.

Related posts

ප්‍රදේශ කීපයකට අදත් තද වැසි

Mohamed Dilsad

රට රැකියා දෙනවැයි ලක්ෂ ගණනින් සල්ලි ගැරූ ජෝඩුවක් කොටු

Mohamed Dilsad

පොහොට්ටුවට එජාපයේ දොර අරී! එජාපයට පණ දෙන ජනපතිගෙන් සැලසුමට අකිල වාර්තාවත් හදයි

Mohamed Dilsad

Leave a Comment