දේශීය

පොලී අනුපාත ගැන ජනපතිගෙන් ඉඟියක්

අපේක්ෂා කරන තත්ත්වය රට තුළ පවත්වාගෙන ගියහොත් මාස කිහිපයක් තුළ පොලී අනුපාත අඩුවෙනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලංකා වාණිජ මණ්ඩලයේ නිලධාරීන් අතර අද (29) පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

 

“මම හිතන්නේ හොඳම දෙය තමයි, ණය ප්‍රතිව්‍යුහගතකරණය ඔබට සහ ශ්‍රම බලකායට වැදගත් වන ආකාරය ඔවුන්ට පැහැදිලි කිරීම. මට හිතෙන්නේ එය ඔබට කළ හැකි දෙයක්. මෙම තත්ත්වය තව දින කිහිපයක් පවත්වාගැනීමට ඔබට හැකිවුවොත් එය හොඳම ප්‍රතිඵලයක් ඇති කරගැනීම සඳහා ඉතාමත් උපකාරි වේවි. මේ සමගම අපේ පොලී අනුපාත ද අඩුවේවි. එය මාස කිහිපයක් ඇතුළත සිදුවේවි. දෙවනුව සංවර්ධන සහාය ආරම්භ වේවි. එය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයටත් රුකුලක්.”

Related posts

පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට ස්ථාන මාරු

Mohamed Dilsad

ගල්අඟුරු මිලදී ගන්න මුදල් නෑ – ලංකා ගල්අඟුරු සමාගම

Mohamed Dilsad

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුරයට

Mohamed Dilsad

Leave a Comment