දේශීය

මධ්‍යම පළාතේ ගවයින්වත් කොටුකරයි

ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය මධ්‍යම පළාතේ කිරි නිෂ්පාදනයට බලපෑම් සිදුකර ඇති බව මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

 

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.කේ.පී රජනායක මහත්මිය සඳහන් කළේ, ගව ගැටිති රෝගය මධ්‍යම පළාතේ ද ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වී ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරින් කඩිනමින් ක්‍රියාකළ යුතු බවය.

 

මෙම රෝගය පාලනයකට ලක් කරන තෙක් ගව මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අංශවලින් ජනතාවට දැනුම්දී තිබුණි.

 

“මේ ගව ගැටති රෝගය මධ්‍යම පළාතේ පොඩි බලපෑමක් කරලා තියෙනවා කිරි නිෂ්පාදනයට. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාගල, කොත්මලේ වගේ කොට්ඨාසවලත් මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, උඩුනුවර, පුජාපිටිය කියන කොට්ඨාසවලත් මාතලේ දඹුල්ල, විල්ගමුව, ගලේවල කියන කොට්ඨාසවලත් මේ ගව ගැටති රෝගය හැදුන ගවයින් අපට දක්නට ලැබෙනවා. විශේෂයෙන් දඹුල්ල හා ගලේවල තමා වැඩිපුරම මේ ගව ගැටති රෝගය වැලඳුනු ගවයින් දක්නට ලැබෙන්නේ. අනෙකුත් පළාත්වල අඩු වශයෙන් තමා දක්නට ලැබෙන්නේ. දඹුල්ල සහ ගලේවල ප්‍රදේශවල සතුන් 500ක් විතර වගේ ආසාදනයට ලක්වුණා. අනෙකුත් පළාත්වල 50ක් 30ක් වගේ ප්‍රමාණයක් තමා සාමාන්‍යයෙන් ගවයන් ආසාදනය වෙලා තියෙන්නේ. ගවයන් අතර පැතිරීම වැළැක්වීමට අපි උපදෙස් දෙනවා. ඒ සඳහා මධ්‍යම පළාතෙන් පිට හෝ ඇතුළට සතුන් ගෙනඒම මේ දවස්වල සම්පූර්ණයෙන්ම නවත්වලා තියෙනවා.”

Related posts

මෙරට PCR පරීක්ෂණ 97,000 ඉක්මවයි

Mohamed Dilsad

එන්නත් මාත්‍රා තේරීමකට කාලය නැහැ – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

Mohamed Dilsad

සංචරණ සීමා ජුනි 21 දක්වා දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment