දේශීය

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 

ඒ අනුව ජාතික පාසල්වල 2 සිට 4 හා 7 සිට 10 යන අතරමැදි ශ්‍රේණිවල පන්ති සඳහා ළමුන් ඇතුළත් කිරීමේ දී අදාළ චක්‍රලේඛන අනුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 21 දිනෙන් පසු ව ජාතික පාසල් දැනුම්වත් කරනු ලැබේ.

 

එතෙක් ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලිපි නිකුත් කරනු නොලබන බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

පෙට්‍රල් ගහලා සල්ලි නොදී පළාගිය මෝටර් රථය -CCTV

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

ගාලු මුවදොර සිදුකළ අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 231 කින් ආසාදිතයන් 9 ක්

Mohamed Dilsad

Leave a Comment