දේශීය

තෙවැනි ඇසට හසුවූ සොරකම -CCTV

පානදුර බණ්ඩාරගම මාර්ගයේ එළුවිල මංසන්ධියේ වෙළෙඳ සැලක් ඉදිරිපිට දී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් කොල්ලකා පළා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.

 

අදාළ කාන්තාව සිය ස්වාමි පුරුෂයා සමඟ එළුවිල මංසන්ධියේ ත්‍රීරෝද රථ අමතර කොටස් වෙළෙඳ සැලක් පවත්වා ගෙන යන අතර, ත්‍රීරෝද රථයකින් වෙළෙඳසැලට රැගෙන ආ අමතර කොටස් ගොඩ බාමින් සිටියදී‍ රන් මාලය කොල්ල කා ඇත.

 

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසියට පැමිණිලි කර ඇති අතර, සැකකරුවන් සොයා පොලීසිය පරීක්ෂණ පවත්වයි.

 

 

Related posts

දුම්වැටි තොගයක් සමඟ 4 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

අපි සූදානම් – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු නයිජීරියාවේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment