දේශීය

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට තීරණයක්

ඛනිජ තෙල් බෙදාහැරීම පුළුල් කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත්, ඒ සඳහා වන විධිමත් වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සිනොපෙක් සමූහයේ නියෝජිතයන් සමග අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.

 

සිනොපෙක් සමූහයේ නියෝජිතයන් මෙහිදී ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් ඉන්ධන ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සඳහා ආයෝජනය කිරීමට තම ආයතනය සූදානම් බවය.

 

ඒ වෙනුවෙන් පවතින ක්‍රමවේදයට අනුගතව තම ආයතනය අයදුම් කර ඇති බව සදහන් කළ නියෝජිතයන් රජය විසින් හඳුනාගෙන ඇති හම්බන්තොට මූලික බලශක්ති කේන්ද්‍රස්ථානයක් පිරිපහදු අංගනයක් ද සහිතව ඉදිකිරීමට අවශ්‍ය සම්පූර්ණ ආයෝජනය සිදු කිරීමට තම ආයතනය සූදානම් බවට ද ජනාධිපතිවරයා දැනුවත් කළේය.

 

ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අභිලාෂ මත සිදු වන අදාළ කැඳවීම් සඳහා තම සමාගම ඉදිරිපත්වීමට සූදානමින් සිටින බව ද එම නියෝජිත පිරිස වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

 

ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු දැක්වූ සිනොපෙක් ආයතනයේ නියෝජිත පිරිස ඊට අදාළ යෝජනාවලිය ද ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත

 

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගෙන යන වැඩසටහනෙන් පසුව ශ්‍රී ලංකාව වේගවත් සංවර්ධනයක් අපේක්ෂා කරන බවය.

 

එමෙන්ම ඉදිරියේ දී මෙරට ක්‍රියාත්මක වන විදේශීය ව්‍යාපාර දිරිගැන්වීමට බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා පැවසීය.

Related posts

වසර 28 කට පසුව අපනයන සංවර්ධන සභාව රැස්වෙයි

Mohamed Dilsad

එජාප සහ සජබ එක ගමනක් යෑම අපේ පැතුමයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන්

Editor O

ඇඳිරි නීතිය කඩ කර පිරිස 61,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment