විදෙස්

ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබේ.

 

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා සම්මානය “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් කී හේ ක්වෑන් හිමිකර ගෙන තිබේ.

 

හොඳම සහාය රංගන ශිල්පිනියට හිමි සම්මානය “Everything Everywhere All at Once” සිනමා පටයේ රංගනය වෙනුවෙන් ජේමි ලී කර්ටිස් විසින් හිමිකර ගත්තාය.

 

එමෙන්ම අතිශය ජනාදරයට පාත්‍ර වූ RRR ඉන්දීය තෙළෙඟු සිනමාපටයේ එන, නාටු නාටු ගීතය ද මෙවර ඔස්කාර් සම්මානයට පාත්‍ර වී තිබේ.

 

සම්මාන උළෙලේ වැඩි අවධානයක් දිනාගත්, හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය දිනාගත්තේ බ්‍රැන්ඩන් ෆ්රේසර් විසිනි.

 

ඒ ද වේල් සිනමාපටය වෙනුවෙනි.

 

හොඳම රංගන ශිල්පිනියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ආසියාතිකයා බවට පත්වෙමින් මෙරව එම සම්මානය දිනාගැනීමට මිෂෙල් යෝ සමත් වුණි.

 

ඒ Everywhere All at Once” සිනමා පටය වෙනුවෙනි.

 

සුදු හමක් නොමැති අයෙක් එම සම්මානය පාත්‍ර වූ පළමු අවස්ථාවද මෙයයි.

 

මේ අතර සම්මාන උළෙලේ අවසන් සම්මානය වන හොඳම සිනමාපටයට හිමි සම්මානය දිනාගත්තේ “Everything Everywhere All at Once” සිනමා පටයයි.

 

 

Related posts

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

පිලිපීන සෙනෙට් මණ්ඩල නියෝජිතවරියක්‌ අත්අඩංගුවේ

Mohamed Dilsad

ගුවන් යානයක් කඩා වැටී 20 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

Leave a Comment