දේශීය

ගොවීන්ගේ ඉන්ධන සහනාධාරය ගැනත් පරීක්ෂණයක්

ගොවිජනතාව සඳහා ලබාදෙන ඉන්ධන සහනාධාරය නොලැබුණු ප්‍රදේශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෑම ගොවියෙකුටම ඉන්ධන සහනාධාරය ලබාදීමට රජය බලධාරීන් වෙත උපදෙස් ලබාදී ඇති බවය.

 

අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

ඉදිරි කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර ද කඩිනමින් ගොවීන් වෙත ලබාදීමට පියවර ගන්නා බව මහින්ද අමරවීර මහතා එහිදී සඳහන් කළේය.

 

මේ අතර වී සඳහා නිසි මිලක් නොලැබීම හේතුවෙන් තමන් සිය අස්වැන්න අලෙවි කිරීමේදී දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව වී ගොවීන් පවසයි.

 

කෙසේවෙතත් රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ ඉතා සාර්ථකව සිදුවන බව ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති එස්.බී.යූ.කේ සේමසිංහ මහතා සඳහන් කළේය.

 

 

Related posts

උතුරු දුම්රිය මාර්ගයේ කොටසක් මාස පහකට වැසෙයි

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය අවභාවිතා කිරීමේ සිදුවීම් රැසක් – පැෆරල්

Editor O

ව්‍යාජ ලේඛන සකස් කළ තරුණියක් හා තරුණයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment