දේශීය

ප්‍රදේශ කිහිපයකට වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (20) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

 

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්

Mohamed Dilsad

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 06ක බලය අලියට – මස්කෙළිය එජාප සංවිධායක කේ.කේ. පියදාස

Editor O

රාජ්‍ය ආයතනවල විදුලිය – ඉන්ධන භාවිතය දැඩි ලෙස සීමා කරමින් චක්‍රලේඛයක්

Mohamed Dilsad

Leave a Comment