දේශීය

මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සමග මැතිවරණ කොමිසම සාකච්ඡාවකට සුදානම්

මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග සාකච්ඡාවක් මෙම සතිය තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම පවසයි.

 

එහි සභාපති නීතීඥ නිමල් ජී. පුංචිහේවා මහතා පැවසුවේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් ලබාගැනීම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පවත්වන බවය.

 

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් මේ වන විට ඊට අදාළ කටයුතු සිදුකිරීම දුෂ්කර වී තිබේ.

 

ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම ඊයේ (15) සිදුකිරීමට නියමිතව තිබුණ ද ඒවා මුද්‍රණයට අවශ්‍ය මුදල් නොලැබීම හේතුවෙන් එම කටයුතු සිදුකෙරුණේ නැහැ.

 

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය මේ මස 22,23 සහ 24 යන දිනවල දී පැවැත්වෙන බවට ප්‍රකාශ කර ඇති අතර සැලසුම් කළ පරිදි එම දිනවලම ඡන්ද විමසීම සිදුකිරීමට අපේක්ෂා කරන බව ද මැතිවරණ කොමිසම පැවසුවේය.

 

 

Related posts

කලවානේ වෙඩි තැබීමක්

Editor O

ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක් වැඩිපුර ගෙවූ සංස්ථා ලොක්කෝ රට පැනලා.

Editor O

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 වසරට අදාළව ඉදිරිපත් කළ නවතම ආර්ථික වර්ධන පුරෝකථනය මෙන්න

Editor O

Leave a Comment