දේශීය

ඇමතිගේ ප්‍රකාශයට ගුවන් ගමන් පාලකවරු කැලඹෙයි

ගුවන් ගමන් පාලකවරුන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා උසස් පෙළ ප්‍රතිඵල මත පුද්ගලයින් බඳවා ගැනීමට යෑමේ ක්‍රියාපටිපාටියට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට පියවර ගන්නා බව ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමය පවසයි.

 

මෙරට පවතින තත්ත්වය හමුවේ ගුවන් ගමන් පාලකවරුන් සීඝ්‍රයෙන් රට හැරයාමට පටන්ගෙන ඇති අතර එලෙස රට හැරයනු ලබන්නේ ඉතාම පළපුරුදු දක්ෂ ගුවන් ගමන් පාලකවරුන් බව එම සංගමයේ සභාපති සභාපති තිසර අමරනන්ද මහතා සඳහන් කළේය.

 

එහෙත් පවතින පුරප්පාඩු පිරවීම සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් බඳවා නොගෙන වෙනත් පාර්ශව ඊට අනුයුක්ත කිරීමට සුදානම් වන්නේ නම් එය බරපතළ ගැටලුවක් බවද ඔහු සඳහන් කළේය.

 

උසස් පෙළ ප්‍රතිඵල මත ගුවන් ගමන් පාලකවරුන් ලෙස විවිධ පුද්ගලයින් බඳවාගැනීමට කටයුතු කරන බවට විෂය භාර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයකට ගුවන් ගමන් පාලකවරුන්ගේ සංගමයේ සභාපති තිසර අමරනන්ද මහතා මෙලෙස පිළිතුරු ලබා දුන්නේය.

Related posts

2021 දෙනෙකු නිරෝධායන කර අවසන්

Mohamed Dilsad

ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ගැන දැනගන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

මන්ත්‍රී ධුරයක් ගැන ගොනුකළ පෙත්සමට දුන් අධිකරණ නියෝගය

Mohamed Dilsad

Leave a Comment