දේශීය

අවාසනාවන්ත ඉරණමකට මුහුණදුන් තිදරු පියා

කාසල්රි ජලාශයට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයට වැටී තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

එම පුද්ගලයා අද (29) රෝගි තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත පැමිණ ඇති බව අප වාර්තාකරු පැවසීය.

 

මෙසේ කෙසෙල්ගමු ඔයට වැටි ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන වතුයායේ පදිංචි පෙරියන්නන් කරුපයියා නැමැති 75 හැවිරිදි තිදරු පියෙකි.

 

තිදරු පියා උදැසන සායන කාඩ්පත රැගෙන නිවසින් පිටත් වු බවත්, බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට කෙසෙල්ගමු ඔය හරහා පිවිසිමට ඇති කෙටි මාර්ගය ඔස්සේ ගමන් කරන අවස්ථාවේ පාලම මගින් තිදරු පියා කෙසෙල්ගමු ඔයට වැටි මද දුරක් ගසාගෙන ගොස් ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

 

කෙසෙල්ගමු ඔය අභියස තෘණ කැපිමට ගිය පුද්ගලයෙකු කෙසෙල්ගමු ඔයේ පුද්ගල මළ සිරුරක් ඇති බවට බගවන්තලාව පොලීසියට කළ දැනුම්දීමක් මත සිරුර සොයාගෙන ඇත.

 

සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂකවරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ අධිකරණවරයා වෙත යොමු කරන බව බගවන්තලාව පොලීසිය පැවසීය.

Related posts

අනුර, රනිල්ට සහය දීමට තීරණය කරයි

Editor O

මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන සහ ඉවත් කෙරෙන ප්‍රදේශ මෙන්න [RELEASE]

Mohamed Dilsad

විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරීම් යළි ආරම්භ කෙරේ

Mohamed Dilsad

Leave a Comment