Trending News

39 හැවිරිදි ගුරුවරියට අතවර කළ හිටපු ප්‍රා ස මන්ත්‍රී අත්අඩංගුවට

වෙළෙඳ සැලකට යමින් සිටි හිටපු ගුරුවරියකට ලිංගික අතවර කළ බව කියන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලීසිය පවසයි.

 

සැකකරු හොරණ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන අතර සැකකරු පැමිණි කුඩා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

 

අතවරයට පත් 39 හැවිරිදි ගුරුවරිය හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

 

මොරගහහේන මිල්ලෑව ධම්මානන්ද පෙදෙසේ වෙළෙඳ සැලකට ගුරුවරිය යමින් සිටියදී‍ ලොරි රථයෙන් පැමිණ තිබූ සැකකාර හිටපු මන්ත්‍රීවරයා එයින් බැස විත් ගුරුවරිය යන මඟ හරස් කර ඇ‍ය වැලඳගෙන ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇතැයි පොලීසිය පවසයි.

 

පසුව එම කාන්තාව මහත් ආයාසයක් දරා සැකකරුගෙන් මිදි අසල නිවසකට පළා ගොස් තිබේ.

 

එහෙත් ඇය පසුපස හඹා හා සැකකාර හිටපු මන්ත්‍රීවරයා එම නිවසේ කාන්තාවගෙන් ඇය පිළිබඳ විමසීමේදී ඇය පිටුපස තාප්පෙන් පැන පළා ගිය බව නිවෙස්හිමි කාන්තාව සැකකරුට පවසා තිබුණි.

 

සැකකරුගේ එම ක්‍රියාව හේතුවෙන් පපු ප්‍රදේශයේ සීරීම් තුවාලවලට ලක්ව රිදුම් දෙන බව පවසමින් අතවරයට පත් හිටපු ගුරුවරිය 119 හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ලක් අනුව මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සැකකරු ඒ මොහොතේම අත්අඩංගුවට ගත් ගත් බව පොලීසිය පවසයි.

 

සැකකාර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් අතවරයට පත් ගුරුවරියට ලබාදුන් මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ආරවුලක් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

 

සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට වැඩබලන මහෙස්ත්‍රාත් සුනිල් ගුණරත්න මහතා නියෝග කර ඇත.

Related posts

England beat Sri Lanka by 30 runs in T20 international

Mohamed Dilsad

ආනයනික ලොකු ලූණු බද්ද සංශෝධනය කරයි.

Editor O

நாட்டின் பல பிரதேசங்களில் மழையுடனான வானிலை

Mohamed Dilsad

Leave a Comment