දේශීය

විදුලි බිල වැඩි කිරිමට අදාළ යෝජනාව සකස් කරලා තියෙන්නේ වැරදි දත්ත මත – ජනක රත්නායක

විදුලි බිල සංශෝධනය කිරීමට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවේ පරස්පරතාවයන් විශාල ප්‍රමාණයක් ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

 

ඒ අනුව අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, වැරදි දත්ත මත කැබිනට් මණ්ඩලය විදුලි බිල වැඩි කිරීමට තීරණය කළ හොත් එය සුදුසු නොවන බවයි.

 

අදාළ යෝජනාවේ ගණනය කිරීම් සිදුකර ඇත්තේ විදුලි බල මණ්ඩලයේ පසුගිය වසර කිහිපය තුළ කළමණාකරනයේ වැරදීම් නිසා ඇතිවූ අලාභය පියවා ගැනීමට සහ ගල් අඟුරු සහ තෙල් සපයා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මෙම විදුලි බිල වැඩි කිරීම සිදුකරන බවට පෙනී යන බවයි ඔහු සඳහන් කළේ.

 

නුදුරු අනාගතයේදී මෙම නීතිමය නොවන යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉවත් කරගෙන නිවැරදිව සැකසූ යෝජනාවක් ඉදිරිපත් කරනු ඇති බවට විශ්වාස කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

🔴 LIVE : පාර්ලිමේන්තු විවාදය සජීවීව | 19.05.2022

Mohamed Dilsad

මගීන් සමඟ පැමිණෙන අමුත්තන්ට අද සිට ගුවන් තොටුපළ යළි විවෘතයි

Mohamed Dilsad

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment