දේශීය

සහන මිලට මාළු දෙන්න ධීවර සංස්ථාවෙන් නවීන වෙළඳසැල් ජාලයක්

ධීවර සංස්ථාව විසින් නිර්මාණය කරන නවීන Mega Store වෙළඳ සැල් ජාලයේ මිනුවන්ගොඩ ශාඛාව විවෘත කිරීම පසුගියදා ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබෙනවා.

 

“ලංකා ධීවර සංස්ථාවේ වගකීම හුදෙක් ලාභ ලැබීමම පමණක් නොවන බවත් පාරිභෝගිකයන්ට සහන මිලට ගුණාත්මක පෝෂදායි මාළු ලබාදෙමින් , වෙළෙඳපොළ මත්ස්‍යය මිල ස්ථාවරව පවත්වාගෙන යෑම බවයි එහිදී රාජ්‍ය අමාත්‍යයවරයා සඳහන් කළේ.

 

නවීන වෙළඳසැල් ජාලයක් නිර්මාණය කරමින්, පවතින වෙළඳසැල් ජාලය නවීකරණය කිරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළ අතර එසේම කඩිනමින් ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට කටයුතු කළයුතුව ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

 

2022 දෙසැම්බර් 29වන දා පාරිභෝගිකයන් වෙත ඉහළ සේවාවක් ලබාදිමේ අරමුණින් ඉදිවන මෙම නවින Mega Store වෙළඳසැල් ජාලයේ මිනුවන්ගොඩ (නො:55 කුරුණෑගල පාර, නාලන්දා විද්‍යාලය ඉදිරිපිට) ශාඛාව විවෘත කිරීම ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

 

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා ගරු සභාපති කුමාර අරංගල්ල මහතා, ලංකා ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා, කළමණාකර අධ්‍යක්ෂක තුෂාර ලොකු කුමාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

Related posts

නව නාවික හමුදාපති ජනපති හමුවෙයි [PHOTOS]

Mohamed Dilsad

තවත් කොවිඩ් මරණ දෙකක්

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් 132 දක්වා ඉහළට [UPDATE]

Mohamed Dilsad

Leave a Comment