දේශීය

ලංකාව මත්පැන් අලෙවියෙන් පහළට

(UTV | කොළඹ) – මත්පැන් පරිභෝජනය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇති බවත්, මත්පැන් අලෙවිය 40% දක්වා අඩු වී ඇති බව ත්, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි.

ඒ අනුව ලෝකයේ මත්පැන් පරිභෝජනයට අදාළ ශේ‍ර්ණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව 79 වන ස්ථානය දක්වා පහළ බැස තිබේ.

ජනප්‍රිය වර්ගයේ මත්පැන් පරිභෝජනය ද මේ වන විට ශීඝ්‍ර ලෙස පහළ වැටී ඇති බව ද සුරාබදු කොමසාරිස්වරයා සඳහන් කරයි.

ඩීසල්, දැවිතෙල්, අමුද්‍රව්‍ය, එතනෝල්, වීදුරු බෝතල, මූඩි, ලේබල, වැට් බද්ද, සමාජ ආරක්ෂණ බද්ද ශීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් මත්පැන් නිෂ්පාදන සමාගම්, තුන් වතාවක් මත්පැන් බෝතල් මිල ඉහළ දැමූ අතර, එම මිල ඉහළ දැමීම නිසාම රටේ උද්ධමනය ද ඉහළ යාමත් මත්පැන් අලෙවිය ශීඝ්‍ර ලෙස පහළ වැටීමට එය හේතු වී ඇති බව ත් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

මෙම වසරේ බිලියන 185ක සුරාබදු ආදායමක් බලාපොරොත්තු වුව ද, බිලියන 160කට 165කට ආසන්න ගණනක් දක්වා එම ආදායම අඩු වෙතැයි සිතිය හැකි බව ත් ජනරාල්වරයා පෙන්වා දෙයි.

ජනප්‍රිය වර්ගයේ මත්පැන් ආදිය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ වූවන්, කම්කරුවන්, ත්‍රීවීලර් රියැදුරන්, කුලී වැඩවල යෙදෙන්නන් ඇතුළු බොහෝ පිරිස විසින් පරිභෝජනයට ගැනුණ ද ඔවුන්ගේ රැකියා අහිමි වීම්, ආදායම් අහිමි වීම් නිසා එම වර්ගයේ මත්පැන් අලෙවිය ද ශීඝ්‍ර ලෙස පහළ වැටී ඇතැයි හෙතෙම සඳහන් කරයි.

පසුගිය ජූනි-ජූලි මාසවලින් පසු මෙම පහත වැටීම සිදුව ඇතැයිද ඒ නිසා බලාපොරොත්තු වූ ආදායමක් ලබාගත නොහැකි යැයි ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

Related posts

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා කෙරේ

Mohamed Dilsad

ධාවනය වෙමින් තිබූ දුම්රියක එන්ජිම ගැලවෙයි

Mohamed Dilsad

මෙරට වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරක්

Mohamed Dilsad

Leave a Comment