දේශීය

ලංකාවේ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනපතිට පිළිගන්වයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු වී ඇති බව ජනාධිපතා මාධ්‍ය අංශය දැනුම් දෙයි.

එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතාගේ ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමි භාගයක මෙම ඇපල් වගාව සිදු කර තිබේ.

ගොවි මහතාගෙන් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල් වගාව නැරඹීම සඳහා පැමිණීමට අපේක්ෂා කරන බවට ද ප්‍රකාශ කර ඇත.

ඇපල් බීජය මෙරටට ගෙන්වා නව පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බව ත් අක්කර දෙකක සරු ඵලදාවක් මේ වන විට ත් ලැබී ඇති බව ත් ලක්ෂ්මන් කුමාර ගොවි මහතා ප්‍රකාශ කර ඇත.

ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කර ඇත්තේ, මෙම වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ලබා දීමට හැකියාව පවතින බව ත් ලංකාව තුළ ඕනෑ ම ප්‍රදේශයක වගා කළ හැකි අයුරින් මෙම බීජ නිපදවා ඇති බව ත් ය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සහ පී.ජේ. අසංක ලයනල් යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

Related posts

විදෙස්ගතව සිට මෙරටට පැමිණියන්ට පොලිසියෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

දහම් පාසැල් යළි ඇරඹේ

Mohamed Dilsad

තවත් නාඳුනන මළ සිරුරක්

Mohamed Dilsad

Leave a Comment