දේශීය

මැතිවරණයකට මුහුණ දීමට “පොහොට්ටුව” සූදානම්

(UTV | කොළඹ) – බැසිල් රාජපක්‍ෂට එරෙහිව ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීමෙන් විදේශවල සිටින බුද්ධිමතුන්ගේ සේවය මෙරටට ලබා ගැනීමට නොහැකි වන බැවින් 22 වන සංශෝධනයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විරුද්ධ බව එම පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසුවේ ය.

එක් පුද්ගලයෙකු, ආගමික කණ්ඩායමක් හෝ වෙනත් පටු අරමුණක් මූලික කරගනිමින් රටට ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් ඊට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, දැනුම් දුන් බව පොදුජන පෙරමුණු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ පසුගිය දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළ බවත් එහිදී අදාළ කාරණාව ජනාධිපතිවරයාට දැනුම් දුන් බව ද සාගර කාරියවසම් මහතා කීය.

පුද්ගලයන් හෝ වෙනත් අරමුණක් මූලික නොකර රටේ ප්‍රශ්න විසඳීම වෙනුවෙන් රටට අත්‍යවශ්‍ය ව්‍යවස්ථාවක් රැගෙන එනවා නම් එය මාස 6ක් ඇතුළත සම්මත කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහාය දෙන බව ද සාගර කාරියවසම් මහතා කීවේ ය.

එක්සත් ජාතික පක්ෂය හා එක්ව එළැඹෙන මැතිවරණ සඳහා තරග කිරීමට තම පක්ෂය තවම තීරණය කර නැති බවත් සාගර කාරියවසම් මහතා ඊයේ ( 18) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී පැවසීය.

Related posts

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රන්ජන් යළි අධිකරණය හමුවට

Mohamed Dilsad

අගෝස්තු 1 සිට විදේශිකයන්ට ගුවන් තොටුපල විවෘත කිරීමේ යෝජනාවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment