දේශීය

ජපානේදී ජනපති – මෝදි අතර හමුවක්

(UTV |  ටෝකියෝ) -ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබෙි.

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂො අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා දෙරටේ නායකයන් පැමිණි අවස්ථාවේ දී මෙම හමුව සිදුව ඇත.

හමුව විනාඩි දහයකට සීමාවූ බවත් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම පිළිබඳව එහිදී නිල නොවන මට්ටමින් සාකච්ඡා කෙරුණු බවටත් වාර්තා වේ.

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය මෙරට ජනාධිපති ධුරයට රනිල් වික්‍රමසිංහ පත්වීම පිළිබඳව සුබ පැතුම් පළ කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන ලද සාකච්ඡා වල වත්මන් තත්ත්වය පිළිබඳව ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී විමසා තිබේ.

Related posts

අදත් ප්‍රදේශ රැසකට තද වැසි

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ සහ සුමන්තිරන් අතර හමුවක්

Editor O

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුට ක්‍රිකට් තහනමක්

Mohamed Dilsad

Leave a Comment