දේශීය

අධ්‍යාපන ඇමති සුසිල් අධ්‍යාපන පරිවර්තන සමුළුවට

(UTV | නිව්යෝර්ක්) – එක්සත් ජාතීන්ගේ 77 වන මහා සමුළුවට සමගාමීව එක්සත් ජනපදයේ නිව්යෝක්හි පැවැත්වෙන අධ්‍යාපන පරිවර්තන සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර් ය සුසිල් ප්‍රේමජයන්ත මහතා එක්විය.

ලොවපුරා ඇතිවී ඇති ගෝලීය අධ්‍යාපන අර්බුදයට විසඳුම් සෙවීම මෙම සමුළුවේ ප්‍රධාන අරමුණයි. රාජ්‍ය නායකයින්, ලොවපුරා රටවල් රැසක අධ්‍යාපන අමාත්‍යවරුන් මෙම සමුළුව සඳහා සහභාගී විය.

තවද, අධ්‍යාපනය සඳහා වන ජාත්‍යන්තර මූල්‍ය පහසුකම ( IFFEd ) එළිදැක්වීම ද මෙහිදී සිදුවිය. කොවිඩ් 19 වසංගතයේ බලපෑමෙන් සහ ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ පීඩා විඳින රටවල්වල අධ්‍යාපනය නගාසිටුවීම සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම මෙමගින් සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ආචාර් ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කළ කරුණු දැක්වීම සමඟ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා ද ඉදිරියේදී මෙම මූල්‍ය පහසුකම ලැබෙනු ඇත.

Related posts

12 දෙනෙක්ව ඝාතනය කළ ඉන්දුනීසියානු කට්ටඩියා

Mohamed Dilsad

ජනතාවට බොරු කියලා බලය ලබා ගත්ත පිරිසක් දැන් රට පාලනය කරනවා – තලතා අතුකෝරළ

Editor O

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දෙවැනි පදවි ප්‍රාප්තිය අදයි

Mohamed Dilsad

Leave a Comment