දේශීය

මෛත්‍රීපාලට නොතීසි

(UTV | කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදු වූ වකවානුවේ ජනාධිපති ලෙස හා ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් එම ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ලබන ඔක්තෝම්බර් මස 14 වන දින අධිකරණයේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අද (සැප්. 16) කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නොතීසි නිකුත් කළේ ය.

සිරිල් ගාමිණී පියතුමා හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරන ලද පෞද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේ ය.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ ය.

2019 අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් ඒ පිළිබඳව නොසැලකිලිමත් ලෙස හා එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව මෙම පැමිණිල්ල අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.

Related posts

රාජ්‍ය සේවයේ නොදන්වා දින 05ක් සේවයට වාර්තා නොකළොත් සේවය හැර යාමේ නිවේදනය

Editor O

පොලීසියේ ඉල්ලීම මහෙස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

බලශක්ති ඇමතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

Leave a Comment