විදෙස්

චාල්ස් රජු ජාතිය අමතයි

(UTV | ලන්ඩනය) – තුන්වන චාල්ස් රජු ප්‍රථම වරට ජාතිය ඇමතීය.

ලන්ඩනයේ ශාන්ත පාවුළු ආසන දෙව් මැදුරේදී පළමුවරට චාල්ස් රජු ජනතාව ඇමතීම සිදුකළ අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් මෙන්ම 2,000කට අධික ජනතාවක් සහභාගී වී ඇති බව වාර්තා වේ.

එහිදී “ගෝඩ් සේව් ද කිං“ ලෙස වෙනස් කෙරුණු එංගලන්ත ජාතික ගීය ප්‍රථම වරට වාදනය කිරීම ද එහිදී සිදුකළේය.

එ‍ලිසබෙත් රැජින වන තම මවගේ අභාවය බ්‍රිතාන්‍ය ජනතාවටත් පොදු රාජ්‍ය මණ්ඩලයීය ජනතාවටත් කනගාටුවෙන් සැලකර සිටින බව චාල්ස් රජු ප්‍රකාශ කළේය.

තම ධුර කාලය තුළදී උපරිම ශක්තියෙන් කටයුතු කිරීමටත් සුබසාධන කටයුතු වලට දායකවීමටත් අපේක්ෂා කරන බව ප්‍රකාශ කර ඇති චාල්ස් රජු ඒ සඳහා තමාට සියලුදෙනාගේ විශ්වාසයේ දෑත හිමිවනු ඇති බව පැවසීය.

තම මව වන එලිසබෙත් රැජිනගේ අපේක්ෂාවන් පළුදු නොවන ආකාරයෙන් කටයුතු කිරීමට සෑමවිටම උත්සාහ දරන බවත් තමාටත් පවුලේ සාමාජිකයින්ටත් රටේ ජනතාවටත් දැක්වූ සෙනෙහස ආදරය වෙනුවෙන් ස්තූතිවන්ත වන බවත් චාල්ස් රජු එහිදී ප්‍රකාශ කළේය.

තම පුත්‍රයා වන විලියම්, වේල්සයේ කුමරු ලෙසත් ඔහුගේ බිරිඳ කැතරින් වේල්සයේ කුමරිය ලෙසත් ප්‍රකාශයට පත් කරන බව ද තුන්වන චාල්ස් රජු සිය ජනතාව ඇමතීමේදී දැනුම් දුනි.

Related posts

සේවකයන් 53 ක් ද සමඟ ඉන්දුනීසියාවේ සබ්මැරීනයක් අතුරුදන්

Mohamed Dilsad

බ්‍රෙක්සිට් යෝජනාව පරාජයට පත්වුවහොත් ඡන්දයක්- බොරිස් ජොන්සන් [video]

Mohamed Dilsad

බංග්ලාදේශයටත් IMF සහාය

Mohamed Dilsad

Leave a Comment