ගොසිප්

රනිල් ආවට පස්සෙ ගෝඨා ලංකාවට

(UTV | කොළඹ) –  ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන සංචාරය නිමකර පැමිණි පසුව මෙරටට පැමිණීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කළේය.

ඒ හිටපු ජනපති හා ජනපති රනිල් වික්‍රමසිංහ දුරකථනයෙන් අමතා කළ සාකච්ඡාවකින් පසුවය.

ඒ අනුව තවත් සති කිහිපයක් හිටපු ජනපතිවරයා තායිලන්තයේ රැඳී සිටින බවත්, අද (24දා) ඔහු මෙරටට පැමිණීමට නියමිත බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග කළ ප්‍රකාශය සාවද්‍ය බවත් එම ආරංචි මාර්ග පැවැසීය.

හිටපු ජනපතිවරයාගේ පැමිණීම වෙනුවෙන් මිරිහාන පැඟිරිවත්තේ නිවසට විශේෂ ආරක්ෂාවක් සපයා ඇතැයි ප්‍රචාරය වුවත් එය අසත්‍යයක් බවත් මාස ගණනකට පෙර සිටම එහි සිටි පොලිසියේ හා විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පමණක් තවමත් එහි සිටින බවත් හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාව භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියකු අවධාරණය කළේය.

තායිලන්තයට පැමිණි පසුව හිටපු ජනපතිවරයාට ආරක්ෂක හේතූන් මත රැඳී සිටින ස්ථානයෙන් පිටතට නොයන ලෙසට එරට ආරක්ෂක බලධාරීන් උපදෙස් දී තිබුණු අතර ලබන සතියේ සිට එරට ආරක්ෂක අංශවල විශේෂ ආරක්ෂාවක් යටතේ අවශ්‍ය ස්ථානවලට ගමන් කිරීමට අනුමැතිය ලැබී ඇත.

Related posts

ගෝඨාභය මහත්තයෝ ජොබ් එක දන්නැතිනම් නම්බුව තියලා ගෙදර යන්න

Mohamed Dilsad

සියල්ලන්ගේ සහය තිබූ පමණින් තරඟයක් ජය ගන්න බැහැ – මාලි

Mohamed Dilsad

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට වගකියන්න ඕනේ සංගයි මහේලයි

Mohamed Dilsad

Leave a Comment