Trending News

විදුලි පාරිභෝගිකයින්ට කාල පාදක ගාස්තු ක්‍රමයක් තෝරාගැනීමට අවස්ථාව

(උදයම්,කොළඹ)  – ලංකා විදුලිබල මණ්ඩලය සහ ලංකා විදුලි පුද්ගලික සමාගම ගෘහස්ථ විදුලි පරිභෝජකයන් සඳහා ඔවුන්ගේ විදුලි පාරිභෝගික රටාව වෙනස් කළ හැකි කාල පාදක ගාස්තු ක්‍රමයක් තෝරාගැනීමට අවස්ථාව ලබාදී ඇති බව ලංකා විදුලිබල අමාත්‍යාංශය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙය ක්‍රියාත්මක කිරීමටයි අනුමැතිය ලබාදී ඇත.

විදුලි පාරිභෝගිකයාගේ විදුලිය භාවිතා කිරීමේ කාලවේලාව අනුව රාත්‍රී 10.30 සිට උදෑසන 5.30 දක්වා ඒකකයක මිල රුපියල් 13 ක් වේ.

උදෑසන 5.30 සිට සවස 6.30 දක්වා ඒකකයක මිල වනුයේ  රුපියල් 25 කි.

සවස 6.30 සිට රාත්‍රි 10.30 දක්වා ඒකකයක මිල රුපියල් 54 ක් ලෙස සඳහන් කර තිබේ.

මෙම විදුලි ගාස්තු ක්‍රමය හඳුන්වා දීම තුළින් පාරිභෝගිකයින්ට ගාස්තු වැඩිකිරීමක් අපේක්ෂා නොකරන බව විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේය.

වැඩිම විදුලි ඉල්ලුම පවතින පස්වරු 6.30 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කරගැනීම මෙම නව ක්‍රමයේ අරමුණය.

එමෙන්ම මෙම කිසිදු ක්‍රමවේදයකට අනුගතවීම පාරිභෝගිකයන්ට අනිවාර්ය නොවන අතර මෙම ගාස්තු ක්‍රමය පාරිභෝගිකයා කැමතිනම් පමණක් තෝරාගත හැකි බවයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

Related posts

பெரிய வெள்ளியை இன்று அனுஷ்டிக்கும் உலக வாழ் கிறிஸ்த்தவ மக்கள்

Mohamed Dilsad

முன்னாள் சதொச தலைவர் நலின் ருவன்ஜீவ விளக்கமறியலில்

Mohamed Dilsad

US Gulf Coast on alert for budding Tropical Storm Gordon

Mohamed Dilsad

Leave a Comment