දේශීය

‘යුවැන් වාන්ග් 5 පර්යේෂණ සිදුවෙන්නේ ජගත් නීතිරීති වලට අනුව’

(UTV | බෙයිජිං ) – යුවැන් වාන්ග් 5 නෞකාවේ පර්යේෂණ කටයුතු ජාත්‍යන්තර නීතිරීති වලට හා පිළිගත් ක්‍රියාපටිපාටීන් වලට අනුකූලව සිදුවන්නක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක – වාන්ග් වන්බින් මහතා පවසයි.

ඔහු ඊයේ (16) මේ බව පවසා ඇත්තේ බෙයිජිං අගනුවර විදේශ අමාත්‍යංශයේ පැවැත්වෙන සතිපතා මාධ්‍ය හමුවේදීය.

මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් වාන්ග් මහතා;

“යුවැන් වාන්ග් 5 නෞකාවේ පර්යේෂණ කටයුතු ජාත්‍යන්තර නීතිරීති වලට හා පිළිගත් ක්‍රියාපටිපාටීන් වලට අනුකූලව සිදුවන්නක්. එම කටයුතු කිසිඳු රටක ආර්ථික අභිලාෂ වලට හෝ ආරක්ෂාවට බලනොපාන අතර, තෙවැනි පාර්ශවක් විසින් ඊට බාධා නොකළ යුතුය.”

වසර ගණනක් පුරාවට ශ්‍රී ලංකාව හා චීනය සාගර විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධයෙන් සමීප සහයෝගීතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

“දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කිරීමට, දෙපාර්ශවයටම ජයග්‍රාහී වන සහයෝගීතාව පුළුල් කිරීමට සහ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් සහ ස්ථාවර සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීමට චීනය, ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

සති කිහිපයක් පුරා පැවති මතභේදාත්මක සිදුවීම් වලින් පසුව යුවැන් වාන්ග් 5 නෞකාව ඊයේ (16) දින හම්බන්තොට වරායට සේන්දු විය.

Related posts

සූවස් ඇලේ නැවක් සිරවීමෙන් ලංකාවටත් අනිවාර්යය බලපෑමක් – වරාය සභාපති

Mohamed Dilsad

ආණ්ඩුවේ අය ඉදිරිපත් කළ වත්කම්-බැරකම් ප්‍රකාශවල අඩුපාඩු තියෙනවා – නලින්ද ජයතිස්ස

Editor O

සුජීව සේනසිංහ සහ අබ්දුල් වාහිද් යන මන්ත්‍රීවරු කාරක සභා කිහිපයකට පත් කරති.

Editor O

Leave a Comment