දේශීය

මානව හිමිකම් කොමිසම විමර්ශනයට කන්දකාඩු යයි

(UTV | කොළඹ) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශන කණ්ඩායමක් එම මධ්‍යස්ථානය වෙත ගොස් තිබෙනවා.

ඒ අනුව, එහි ඇති වූ ගැටුම්කාරී තත්ත්වය සහ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව යි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා ගොස් සිටිය දී යළි රැඳවුම් භාරයට ගත් රැඳවියන් පොළොන්නරුව, අනුරාධපුර, දුම්බර සහ මඩකලපුව බන්ධනාගාරවල රඳවා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කළා.

කඳවුරෙන් පළා ගිය 653 දෙනෙකු යළි රැඳවුම් භාරයට ගැනුණු අතර, හැත්තෑ දෙදෙනෙකු සොයා තවදුරටත් පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විමර්ශන සිදු කරනවා.

එසේම, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මියගිය බව කියන තරුණයාගේ අනන්‍යතාවය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වයට අදාළව වැලිකන්ද පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිද්ධියට අදාළ ව රැඳවියා සමඟ කුටියේ සිටි සෙසු රැඳවියන් දෙදෙනාගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දී මිය ගොස් ඇත්තේ, හාලිඇල උඩුවර ප්‍රදේශයේ තරුණයා නොවන බවට ඔහුගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කිරීමත් සමඟ දේහයේ අනන්‍යතාවය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් ඇති වුණා.

Related posts

සමගි ජන බලවේගයේ නාමයෝජනාවට එරෙහි පෙත්සම ඉවතට

Mohamed Dilsad

ශ්‍රීලංකා ජනපතිත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වෙයි

Mohamed Dilsad

IMF දෙවැනි වාරිකය ලැබෙන දිනය

Mohamed Dilsad

Leave a Comment