දේශීය

අරගලකරුවන් පිරිසක් ආරක්ෂක අංශ භාරයට

(UTV | කොළඹ) – කොළඹ ජනාධිපති කාර්යාලයේ පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත පිරිසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

ගාලූ මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් ජනාධිපති කාර්යාලයට පිවිසෙන ලෝටස් පාර අවහිර කරමින් අද අලුයම සිට අට්ටාල ඉදිකර තිබුණා.

විරෝධතාකරුවන් මුදල් අමාත්‍යංශයට පිවිසීමේ දොරටුව ද අවහිර කර ඇතැයි සඳහන්.

ගාලූ මුවදොර විරෝධතාවට අදට දින 73 ක් ගතවන අතර ගෝඨා ගෝ ගම විරෝධතාවේ නිරත පිරිසක් ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන පිවිසුම හැර අනෙක් පිවිසුම් දෙක අවහිර කරමින් විරෝධතාවේ නිරත වී තිබුණා.

අනතුරුව අද උදාසන ආරක්ෂක අංශ හා පොලීසිය එක්ව මෙම පිරිස ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අතරවාරයේ මෙම විරෝධතාවේ නිරත පිරිස පොලිස් භාරයට ගෙන ඇති බව පොලීසිය සඳහන් කලා.

මේ අතර විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුම අසල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

Related posts

ස්වාධීන රූපවාහිනිය ඇතුළු ආයතන 04ක ⁣ට සභාපතිවරු පත් කරයි

Editor O

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් දිවයිනට

Mohamed Dilsad

පෝ දින උපකාරක පන්ති නැවැත්වීමට ගුරුවරුන් එකඟ වෙයි

Mohamed Dilsad

Leave a Comment