දේශීය

ඉන්දියානු ණය යටතේ දුන් අවසන් ඩීසල් තොගය අද ගොඩබායි

(UTV | කොළඹ) – ඉන්දියානු ණය ආධාර යටතේ මෙරටට හිමි වන අවසාන ඩීසල් නෞකාව මෙරටට ළඟා වී ඇති බවත් එහි ඩීසල් තොග ගොඩබෑම අද (16) දින ආරම්භ කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

මෙම නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් ඇති අතර මෙහි ඩීසල් තොග ගොඩබෑමේ කටයුතු නිමා වීම සඳහා දින 3ක් පමණ ගතවන බව ද ආරංචි මාර්ග සඳහන්.

මේ වන විට මෙරට තුළ උග්‍ර ඩීසල් හිඟයක් නිර්මාණය වී ඇති අතර එම නිසා ඩීසල් සීමා සහිතව ඉන්ධනහල් වෙත නිකුත් කෙරේ.

මේ හේතුවෙන් පොදු ප්‍රවාහන සේවා හා භාණ්ඩ ප්‍රවාහන සේවා ආදිය ද දැඩි අර්බුදයට ලක්ව ඇත.

එසේ ම පෙට්‍රල් අර්බුදය තවදුරටත් පවතින අතර පෙට්‍රල් ද සීමා සහිත ලෙස නිකුත් කෙරේ. ඉදිරි දින කිහිපය තුළ පෙට්‍රිල් මෙට්‍රික් ටොන් 35,000ක් ගොඩබෑම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද වාර්තා වේ.

Related posts

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,493 කටම අලෙවි කිරීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

අ’පුර වන්දනාවේ යන්න රජරට ඔඩිසි අද සිට

Mohamed Dilsad

ලොව පුරා ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීම්

Editor O

Leave a Comment