දේශීය

‘මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන දෙන්න කිසිදු තීරණයක් නෑ’

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩු මිලට ඉන්ධන ලබා දීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

මන්ත්‍රීවරුන්ට අඩුවට ඉන්ධන ලබා දීම පිළිබඳව සමාජයේ වැරදි මතයක් පල වී තිබෙන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ට එයින් අසාධාරණයක් වී තිබෙන බව කී අමාත්‍යවරයා ඛනිජ තෙල් සංස්ථාව මේ මොහොතේ හෝ මීට පෙර කිසිම අවස්ථාවක වෙළඳ පොලේ මිලට අඩු මුදලකට තෙල් මිලදී ගැනීම සඳහා අවස්ථාව සලසා නැතැයි ද ඉදිරියටත් එවැනි තීරණයක් ගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

ලෝක කුසලානයේදී සිංහයින් පිටියට එන්නේ මෙහෙමයි

Mohamed Dilsad

පොලිසියෙන් මහජනතාව වෙත කළ ඉල්ලීම

Mohamed Dilsad

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු කටයුතු යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment