දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් සී.අයි.ඩීයට

(UTV | කොළඹ) – මැයි 09 වැනි දා ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අනුව රෝහිත අබේගුණවර්ධන, සී.බී රත්නායක, සහන ප්‍රදීප් සහ සංජීව එදිරිමාන්න යන මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව යි වාර්තා වන්නේ.

මේ අතර, ගාලු මුවදොර සහ කොල්ලුපිටියේ ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අට දෙනා අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත යි.

Related posts

සමූහ මිනීවළෙන් අලුතින් හමු වූ මිනිස් ඇට සැකිලි හතට යටින් ඩිජිටල් පුවරුවක්

Editor O

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

කථානායකට එරෙහිව, පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමට විපක්ෂය සූදානම්

Editor O

Leave a Comment