දේශීය

ලෝක බැංකුවෙන් ලැබුණ ඩොලර් මිලියන 160ක් ඉන්ධන වෙනුවෙන් ගන්න අවධානය

(UTV | කොළඹ) – ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව වෙත ඩොලර් මිලියන 160ක් ලබා දී ඇති බවත් එම මුදල ඉන්ධන වෙනුවෙන් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැවැසීය.

“දැනට ලෝක බැංකුවෙක් අපිට ඩොලර් මිලියන 160ක් ලැබුණා. ඒක තෙල්වලට යොදවන්න බෑ. නමුත් අපි අහනවා පුළුවන්නම් ඒක තෙල්වලට යොදවන්න දෙන්න කියලා.

ආසියානු සංවර්දන බැංකුවෙන් ඒ වගේ මුදලක් දෙන්න තියෙනවා. නමුත් මිලියන තුනක් ගිය මාසේ ගෙවන්න බැරිවුණ නිසා ඒක හිරවෙලා තියෙනවා.

මේ ප්‍රශ්න විසදන්න තමයි මෙතනට ඇවිත් තියෙන්නේ.ඒකයි සහාය ඉල්ලන්නේ. මෙතන ආණ්ඩුවයි විපක්ෂයයි කියලා දෙකක් නෑ.

රජයේ සේවකයන්ට ප්‍රශ්නයක් වුණොත් ඒ ආධාර මුදල් දෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. කවුද අහන්නේ ත්‍රීවීලර් දුවන අය ගැන. ඒ අයට දුවන්න බෑ. මගේ කාර්යාලය ඉස්සරහා තියෙනවා ත්‍රිවීලර් අපි ඒවා ගැන හිතන්න ටිකක්.

ඒ අයට එදිනෙදා තියෙන ආදායම නෑ. හිටගෙන ඉන්නවා. ආණ්ඩුවට බනිනවා. පාර්ලිමේන්තුවට බනිනනවා. මොකක්ද මුන් කරන්නේ කියලා අහනවා.

පෙට්‍රල් හෙව්වා කියලා මේ ප්‍රශ්නේ විසදෙන්නේ නෑ. විශාල ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා. රටට අවශ්‍ය පොහොර දැනට තියෙනවා කියලා මම හිතන්නේ නෑ. අපි කොහොමහරි ඒක ගෙනත් දෙනවා.

අපිට තියෙන්නේ මහ කන්නයට සම්පූර්ණයෙන්ම පොහොර ගන්න. යුක්රේන යුද්ධය නිසා පොහොර හිගයක් තියෙනවා. මම තානාපතිවරුන් සමග කථා කළා දැන් සාකච්ඡා කරමින් යනවා මේවා අරගෙන යන්න.”

Related posts

කොරෝනා රෝගීන්ගෙන් සුවය ලැබූ පිරිස ඉහළට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ 2020 : ප්‍රතිඵල නැවත සමීක්ෂණයට අයදුම්පත් කැඳවීම ඇරඹේ

Mohamed Dilsad

අලුත් වාහනයට ලක්ෂ 55යි, පාවිච්චි කළ වාහනයට ලක්ෂ 100යි, අමුතු විදියේ වාහන ආනයන බද්දක්?

Editor O

Leave a Comment