දේශීය

ආණ්ඩුවට සහාය දුන් 3ක් විපක්ෂයේ අසුන්ගනී

(UTV | කොළඹ) – ෆයිසල් කාසිම්, ඉෂාක් රහුමාන් සහ එම්.එස් තවුෆික් යන මන්ත්‍රීවරුන් තිදෙනාද ආණ්ඩුවට සහාය දැක්වීමෙන් ඉවත්වී පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්වල අද (20) දහවල් අසුන් ගත්හ.

ෆයිසල් කාසීම් සහ එම්.එස් තවුෆික්, රාවුෆ් හකීම් මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරු වෙති.

ඉෂාක් රහුමාන් මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වූයේ රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමිනි.

විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේදී මේ තිදෙනා ආණ්ඩුවට සහාය පළ කරමින් එම සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්හ.

Related posts

රාජ්‍ය සේවකයින්ට අතිවිශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

රවී ඇතුළු 12 කට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

රවීගේ පෙත්සම විභාගයට අවසර

Mohamed Dilsad

Leave a Comment