දේශීය

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති – අගමැතිගේ කණගාටුව

(UTV | කොළඹ) – රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩ නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණයක් පවත්වනු ඇති බව ය.

විරෝධතා දක්වන විට ප්‍රචණ්ඩත්වයෙන් මිදෙන ලෙස තමන් සියලු ම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව සිය ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

එමෙන් ම අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, රඹුක්කන ප්‍රදේශයේ සිදුවූ ඛේදවාචකය පිළිබඳව තමන් දැඩි කම්පනයට පත්වූ බව ය.

ශ්‍රී ලංකා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරනු ඇතැයි තමන්ට පූර්ණ විශ්වාසයක් ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

විරෝධතාකරුවන් ගෞරවයෙන් යුතුව සිය ප්‍රජා අයිතියේ නිරත වන ලෙසට අග්‍රාමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related posts

ගායන ශිල්පී මොරිස් ඩෙන්සිල් බර්නාඩ් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

A/L සහ ශිෂ්‍යත්ව අපේක්ෂකයන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් අවධානයෙන්

Mohamed Dilsad

Leave a Comment