ක්‍රීඩා

රාජස්ථාන් රෝයල්ස් වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග

(UTV | කොළඹ) – මෙවර අයි පී එල් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග පත්කර තිබෙනවා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර නිකුත්කළ මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව තහවුරු කර තිබුනා.

ලසිත් මාලිංග මීට පෙර මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ පන්දු යැවී⁣මේ උපදේශකයෙකු ලෙස ද කටයුතු කළා.

මෙවර අයි පී එල් ත⁣රගාවලිය ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ මාර්තු 26 වනදායි.

එදිනට චෙන්නායි සුපර් කින්ග්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් මුම්බායි වැන්කඩේ ක්‍රීඩාංගනයේදි තරග වැදීමට නියමිතයි.

Related posts

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල නවසීලන්තය පෙරමුණ

Mohamed Dilsad

ශ්‍රී ලංකා , ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟයේ දෙවැනි දිනය අදයි…

Mohamed Dilsad

ශ්‍රී ලංකා-බංග්ලාදේශ පන්දු වාර විස්සයි විස්ස තරඟය හෙට

Mohamed Dilsad

Leave a Comment