කලා

“ෆිල්ටි” ට ඇප

(UTV | කොළඹ) – ජනප්‍රිය රැප් ගායකයෙකු වන “ෆිල්ටි” පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේදී පැවති සිසු සම්මන්ත්‍රණයක් ආසන්නයේ අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ෆිල්ටි නමැති ගායකයා විසින් අසභ්‍ය වචන භාවිත කරමින් කෑ ගසමින් ඒ ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට බාධා සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

එහිදී පොලිස් නිලධාරීන් පැළඳ සිටි මුව ආවරණයන් ඉවත්කිරීමටද සැකකාර රැප් ගායකයා උත්සහ කර තිබිණි.

මේ අවස්ථාවේ තත්ත්වය පාලනය කිරීම සඳහා සැකකාර ගායකයා පානදුර උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ෆිල්ටි නමැති රැප් ගායකයා පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවවාද සිදුකර ඇප නියම කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Related posts

බොලිවුඩ් සංගීතඥ ශ්‍රවාන් රතෝඩ් කොවිඩ් ආසාදනය වී ජීවිතක්ෂයට

Mohamed Dilsad

බොලිවුඩ් සිනමා නළු SRK දුෂ්ඨ චරිතයකින් ප්‍රේක්ෂකයන් හමුවට

Mohamed Dilsad

වසර 33කට පෙර අපෙන් සමුගත් හදවත රත්තරං ජෝති

Mohamed Dilsad

Leave a Comment