විදෙස්

රුසියානු තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත ඉන්දියාවේ අනුමැතිය

(UTV |  ඉන්දියාව) – රුසියාවේ නිෂ්පාදිත තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත භාවිතයට ඉන්දියාව අනුමැතිය ලබාදී තිබෙනවා.

ඉන්දීය වාර්තා සඳහන් කළේ මාත්‍රා ද්විත්වයේ ස්පුට්නික් වී එන්නත ලබා ගත් අයෙකුට බූස්ටර් මාත්‍රාවක් ලෙස තනි මාත්‍රාවේ ස්පුට්නික් ලයිට් එන්නත භාවිතයට ගත හැකි බව රුසියානු ඍජු ආයෝජන අරමුදල ප්‍රකාශ කර ඇති බවයි.

මේ වනවිට ව්‍යාප්ත වන ඔමික්‍රොන් ප්‍රභේදයට එරෙහිව සහ අනෙකුත් එන්නත්වල ඵලදායීතාව වර්ධනය කරගැනීමට විසඳුමක් ලෙස මෙම එන්නත භාවිතයට ගත හැකි අතර, දැනටමත් ඉන්දීය ඖෂධ සමාගම් හතක් තනි මාත්‍රාවේ ස්පුට්නික් එන්නත් බිලියනයක් ලබාගැනීමට ගිවිසුම් ගතවී තිබෙනවා.

Related posts

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

ට්විටර් සේවකයන්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදය අඛණ්ඩවම

Mohamed Dilsad

සෞදියේ තෙල් නිෂ්පාදනය යථා තත්වයට

Mohamed Dilsad

Leave a Comment