දේශීය

සපුගස්කන්ද ඇරෙන දිනය තවත් කල්යයි

(UTV | කොළඹ) – සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් යළි ආරම්භ කිරිම තවදුරටත් ප්‍රමාද වන බව, බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් කේ. ඩී. ආර් වොල්ගා මහත්මිය සඳහන් කළේ, බොරතෙල් සහිත නෞකාව දිවයිනට ළඟා වීම ප්‍රමාද වීම හේතුවෙන්, එම තත්ත්වය මතුව ඇති බවයි.

ඒ අනුව, පිරිපහදුවේ කටයුතු ලබන 30 වනදා යළි ආරම්භ කිරිමේ වැඩි හැකියාවක් ඇතැයි, ද ඇය සඳහන් කළා ය.

තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් හෙට ආරම්භ කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණි.

Related posts

බහාලූම් 323 විමර්ශනයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

Editor O

නුවරඑළියේ මාරක රිය අනතුරකින් කතුන් තිදෙනෙක් මරුට [PHOTOS]

Mohamed Dilsad

රනිල් – සජිත් අතර ලොකු සාකච්ඡාවක් ළඟදීම…!

Editor O

Leave a Comment