විදෙස්

ජර්මානු නාවික හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

(UTV |  ජර්මනිය) – යුක්‍රේනය සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් ජර්මානු නාවික හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වී තිබේ.

ඔහු පවසා ඇත්තේ රුසියාවට යුක්‍රේනය ආක්‍රමණය කිරීමට අවශ්‍ය වීම විකාර රූපී අදහසක් බව ය.

රුසියානු ජනාධිපති, ව්ලැදිමීර් පුටින්ට ගෞරවය පමණක් අවශ්‍ය වී ඇති බව ද ජර්මානු නාවික හමුදා ප්‍රධානියා පවසා තිබේ.

පුටින්ට අවශ්‍ය ගෞරවය, එසේම ලැබිය යුතු බවට ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

ජර්මානු නාවික හමුදා ප්‍රධානියා මෙම අදහස් පළකර ඇත්තේ ඉන්දියාවේ පැවති තින්ක් ටෑන්ක් සමුළුවකට එක්වෙමින්.

ඔහුගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව යුක්‍රේන විදේශ අමාත්‍යංශය සඳහන් කළේ ය.

Related posts

සැලී කුණාටුවෙන් ඇමරිකාවේ ලක්ෂ 5 කට විදුලිය නැතිවෙයි

Mohamed Dilsad

ඊශ්‍රායලයේ නව අගමැති නෆ්තාලි බෙනට් ජාතිය එක්සත් කිරීමට ප්‍රතිඥාදෙයි

Mohamed Dilsad

හිටපු ජනාධිපතිට වෙඩි තැබූ සැකකරු අල්ලයි

Editor O

Leave a Comment