දේශීය

ඉදිරියට ඉන්ධන හිඟයක්

(UTV | කොළඹ) – ඉන්ධන නොමැති වීම හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ බලාගාර කිහිපයක් ගිය සතියේ අක්‍රිය වුණේ, ජනතාව හා රටේ දෛනික කාර්යයන් බරපතළ අර්බුදයකට ඇද දමමින්.

එය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අවස්ථා දෙකක දී ලබා දී ඇතැයි කී උදය ගම්මන්පිල අමාත්‍යවරයා, ඩොලර් නොමැතිවමින් ඉදිරියට ඒ ආකාරයෙන් ඉන්ධන දිය නොහැකි බව පවසනවා.

විදුලිබල මණ්ඩලය ඩොලර් ලබාදුන හොත් ඛනිජ තෙල් ආනයනය කර ලබාදිය හැකි බව කී අමාත්‍යවරයා, ඒ සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇතැයි ද අවධාරණය කරනවා.

විදුලිබල මණ්ඩලයට ලබා දීමට තරම් අවශ්‍ය ඉන්ධන තොග සංස්ථාවට නො මැති බව යි ඔහු ප්‍රකාශ කළේ.

එසේ නොමැතිව පවතින ඉන්ධන තොග විදුලි නිෂ්පාදනයට ලබාදුන හොත් වාහන ධාවනය කිරීමට නොහැකි වනු ඇති බව අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරනවා.

ඉන්ධන නොමැති වුව හොත් විදුලි සැපයුම පැයකට දෙකකට කපාහැර තත්ත්වය කළමනාකරණය කිරීමට හැකියාව ඇති නමුත් වාහන ධාවනය සඳහා එවැනි පියවරකට යා නො හැකි බව යි අමාත්‍යවරයා අවසාන වශයෙන් හෙළිදරව් කරන්නේ.

Related posts

කොරෝනා පාලනය සඳහා නාවික හමුදාව වෙත නිර්දේශ කිහිපයක්

Mohamed Dilsad

GSP+ බදු සහනය වසර 2023 වන තෙක්

Mohamed Dilsad

රිෆ්කාන් බදියුදීන්ට ඇප

Mohamed Dilsad

Leave a Comment