දේශීය

තරුණ තරුණියන්ට අද සිට ඩිජිටල් හැඳුනුම්පතක්

(UTV | කොළඹ) – වයස අවුරුදු 15ට වැඩි 29ට අඩු සියලු තරුණ තරුණියන්ට ඩිජිටල් හැදුනුම්පතක් හදුන්වා දීම අද සිදු කෙරෙනවා.

ජාත්‍යන්තර පිලිගැනීමට ලක් වූ බ්ලොක් චෙයින් තාක්ෂණය උපයෝගී කරගත් තොරතුරු තාක්ෂණ මෙවලමක් භාවිත කරමින් මෙම හැදුනුම්පත සකස්කර ඇති බවයි ජාතික තරුණ සේවා සභාව සඳහන් කළේ.

අද නිල වශයෙන් හඳුන්වාදෙන මෙම හැඳුනුම්පත ජාතික තරුණ සේවා සභාව හරහා ඉදිරියේ දී ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති.

මෙහි තරුණයන්ගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් හා වෙනත් සුදුසුකම් ඇතුළත් දත්ත බැංකුවක් ලෙස භාවිත කිරීමේ හැකියාවක් පවතින අතර, සේවා යෝජකයන්ට සුදුසුකම් ලත් තරුණ තරුණියන් රැකියා සඳහා පහසුවෙන් බඳවාගැනීම් සිදු කිරීමට මේ හරහා හැකියාව ලැබෙනවා.

Related posts

අනුලාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

Mohamed Dilsad

නීතියේ ආධිපත්‍යට ගරු කරන ලෙසට ජනපති නිදහස් සැමරුම් උළෙල අමතමින් කියයි

Mohamed Dilsad

20 වන සංශෝධනය ගැන ඡන්ද විමසීම අද

Mohamed Dilsad

Leave a Comment